මුදලිදු එස් තෝමස් ද සිල්වා ශ්‍රී මතානන් සිහිපත් කිරීම
ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය - කොළඹ ශාඛාව විසින් සංවිධානය කරන ලද 2025 වසරේ මුදලිඳු සන්තියාගෝ තෝමස් ද සිල්වා සමරු දේශනය පෙබරවාරි 27 වන දින උදෑසන 9.00 ට පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමරු දේශනය, පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් ප්‍රනාන්දු මැතිතුමා විසින් පවත්වනු ලබයි.
මුදලිඳු සන්තියාගෝ තෝමස් ද සිල්වා මැතිදුන් 1913 වසරේ ධර්මාශෝක විද්‍යාලය පිහිටුවා, එය වසර 16ක් පුරා පෝෂණය කල අතර, 1929 අප්‍රේල් 10 වන දින වයස අවුරුදු 61දී අභාවප්‍රාප්ත විය,
මෙම ස්මාරක දේශනය ඔහුගේ විශිෂ්ට සේවය හා දායකත්වය ඇගයීම සඳහා සංවිධානය කර ඇති අතර, පාසලේ වර්තමාන ශිෂ්‍යය ශිෂ්‍යයාවන් හා ආදි ශිෂ්‍යයන්, ගුරු මණ්ඩලය, සහ අනෙකුත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය .